ඉන්දියාව සහ පාකිස්තානය පස මිතුරන් අද ගැටේ

ආසියානු කුසලාන විස්සයි-20 ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) ඩුබායි අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී රාත්රි 8.00ට පැවැත්වෙයි.
මෙම තරගය ‘ඒ’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන අතර කණ්ඩායම් දෙකම පළමු වටයේ ක්රීඩා කර පළමු තරගය ජයග්රහණය කර ඇත.
ඉන්දියාව සහ පාකිස්තානය අතර අන්තර්ජාතික විස්සයි-20 තරග 13ක් පවත්වා ඇත. එයින් තරග 9ක් ඉන්දියාව ද සහ තරග 3ක් පාකිස්තානය ද ජයග්රහණය කිරීමට සමත් වී ඇත. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. ආසියානු කුසලාන විස්සයි-20 ක්රිකට් ඉතිහාසයේදී ඉන්දියාව සහ පාකිස්ථානය තරග දෙකක් ක්රීඩා කර ඇත. එම තරග දෙක තරග එක බැගින් කණ්ඩායම් දෙකම ජයග්රහණය කළේය.