කෝටි 21ක රන් බිස්කට් සපත්තු මේස් අස්සේ

(ශිරාන් රණසිංහ)
ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයෙක් සිය සපත්තු මේස් තුළ සඟවා ගෙන මෙරටට ගෙනා රුපියල් කෝටි 21ක් (මිලියන 210) වටිනා රන් බිස්කට් තොගයක් 14දා පෙරවරුවේ ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු පනස්හතරක් වයසැති මෙම සේවකයාගේ ගමන් විලාසය පිළිබඳ ඇති වූ සැකය මත ඔහු පරීක්‍ෂා කිරීමේදී පැලඳ සිටි මේස් සපත්තු තුළ සඟවා ගෙන සිටි රන් බිස්කට් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
රන් බිස්කට් කැබලි 51ක් මෙලෙස රැගෙන විත් තිබූ අතර කිලෝ 5යි ග්‍රෑම් 941ක් බර රන් තොගයක් එහි තිබූ බව රේගුව කියයි.