මැයි මාසයේදී උද්ධමනය සිදු වූ දේ මෙන්න

මැයි මාසයේදී උද්ධමනය සිදු වූ දේ මෙන්න

2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව එය පසුගිය මාසයේදී වාර්තා වූයේ ඍණ -0.8%ක් ලෙසිනි.

අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී 5.9%ක් දක්වා වැඩි ඉහළ ගොස් තිබේ.

අප්‍රේල් මාසයේ දී -3.7 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ දී -3.4% ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Share This