අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප

මතභේදාත්මක සිරකරුවෙකු ජනපති සමාව මුවාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප නියම කර තිබේ.
ඒ, එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් හා විදෙස් ගමන් තහනම් කිරීමක්ද සමඟිනි.
එමෙන්ම, සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවත් මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.
මෙම නඩුව යළිත් අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.