දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද (19) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව වයඹ නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසී හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්