පළමු දිනයේ වැඩි වාසි බංගලාදේශයට

පළමු දිනයේ වැඩි වාසි බංගලාදේශයට

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (17) නිමාවට පත් වුණා.

තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බංගලාදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 292කි.

එහිදී නායක නජ්මුල් හුසෙන් ශැන්ටෝ ලකුණු 136ක් සහ මුෂ්ෆිකර් රහිම් ලකුණු 105ක් ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටිති.

පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු දෙකක් බිඳහෙළුවේය.

Share This