ඉන්ධන හිඟයක් ගැන බලශක්ති අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

ඉන්ධන හිඟයක් ගැන බලශක්ති අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් පළ වන පුවත් අසත්‍ය බව බලශක්ති අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරයි.

මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ  හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

කෙසේ වෙතත් ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබේ.

ඒ  හේතුවෙන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසත් අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share This