සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්

සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්

පළමු ශ්‍රේණියේ සිට 06 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශ 2026 වසරේදී හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, මෙම වසරේ අගෝස්තු මාසයේ එළි දැක්වීමට අවශ්‍ය පියවර හා ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳව සාකච්ඡාවකට එක්වෙමින්.

2028 වර්ෂයේ 10 ‌ශ්‍රේණියට  නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත් නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමට කටයුතු කරන බවත් හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය.

9 වන  ශ්‍රේණියේ සිට වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිතව ඇත.

Share This