ස්වංක්රීය ගේට්ටුවකට යටවීමෙන් පුද්ගලයෙක් මිය යයි

බේරුවල සාමඩ් මාවතේ පිහිටි සුපූපබෝගී නිවසක සේවය කරන පුද්ගලයකු ස්වංක්රීය ගේට්ටුවකට යටවීමෙන් මියගොස් ඇති බව බේරුවල පොලිසිය කියයි.
එලෙස මියගොස් ඇත්තේ බේරුවල මහගොඩ ප්රදේශයේ මොහොමඩ් රිසාන් 54 හැවිරිදි පුද්ගලයෙකි.
දුරස්ථ පාලකය මගින් ක්රියා කරනා නිවසේ ප්රධාන ගේට්ටුවට සිරවීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇත.
බේරුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
චන්දන ලක්මාල්