මැතිවරණ කොමිෂන් සභාවෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා තෝරා එවා ඇති සභකයින්ගේ නම් ඇතුළත් තවත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
මෙම නම් 2025.05.31 දිනැති හා අංක 2438/66, 2438/67, 2438/69, 2438/70, 2438/71, 2438/72, 2438/80, 2438/81, 2438/83, 2438/84, 2438/87, 2438/88, 2438/89, 2438/90 දරන ගැසට් පත්‍රවල සඳහන් සභිකයන්ගේ නම්වලට අමතර වශයෙන් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම තවත් සභික ධුර 330ක් දේශපාලන පක්ෂ නම් යෝජනා කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඒ නම් ඉතා කඩිනමින් ලබා දෙන ලෙසට ද මැතිවරණ කොමිෂන් සභාව අදාළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ඉල්ලා තිබේ.