ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්

ත්‍රීපෝෂ සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසිනි.

වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්‍රෂේත්‍රයේ  ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී  ගෞරව උපාධිය ලබා ඇති අතර විශ්වවිද්‍යාල ක්‍රීඩා  සංගමයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

Share This