අහ්මදාබාද් ගුවන් අනතුරින් සියලු මගීන් මිය ගිහින්

අහ්මදාබාද් ගුවන් අනතුරින් සියලු මගීන් මිය ගිහින්

අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් සියලු මගීන් මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරු 1:15ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්විය.

මෙහි ඉන්දියානුවන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 59 දෙනෙකු, පෘතුගාල ජාතිකයින් 7ක් සහ කැනේඩියානු ජාතිකයෙකු ගමන් කර තිබේ.

ගුවන්යානයේ එංජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවට සැක පළ කෙරෙන අතර එය මේ වනතෙක් කිසිදු පාර්ශ්වයක් තහවුරු කර නැහැ.

Share This