අත්අඩංගුවට ගත් කෙහෙළියගේ සේවිකාව රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසක සේවිකාව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.
සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමාන අභාවිත කිරීම පිළිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදු කෙරේ.
ඊට අදාළ විමර්ශනවලට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. ඇය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන බවට තොරතුරු වාර්තා වේ.