මැයි දිනයට ආරක්ෂාව තර කරයි

මැයි දිනයට ආරක්ෂාව තර කරයි

ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින පෙළපාලි රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් ආරක්ෂාව සහ රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම සහ සාමාන්‍ය රථ වාහන ගමනාගමනය වෙනුවෙන් පොලිසිය මේ වන විටත් සැලසුම් සකස් කොට තිබේ.

කොළඹින් පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි රැස්වීම් හා සැමරුන් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්‍ෂාව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කර තිබේ.

කොළඹ නගරයේ පෙළපාළි රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15 දි පැවැත්වීමට නියමිත බවයි.

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාලි රැලි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථ වාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මඟහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පොලිසිය රියදුරන්ට උපදෙස් දී තිබේ.

චන්දන ලක්මාල්

Share This