දිළිඳු නිවාස ආධාර ඉහළට

දිළිඳු හෝ අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීමේ අරමුණින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන රජයේ ආධාරය රුපියල් 1,000,000ක් දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මීට පෙර නිවාස ඒකකයක් සඳහා රුපියල් 650,000ක් ලබා දුන් අතර මේ වනවිට පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම මුදල වැඩි කර ඇති බව සඳහන්ය.
එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමකම දිළිඳු හෝ අඩු ආදායම් ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනා ගෙන නිවසක් ඉදිකිරීම, වැඩි දියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනමනු ලබයි.
තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතු වේ.
වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000 ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000 ක් දක්වා වැඩි වී ඇත.
රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබා දෙන රුපියල් 650,000ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000 ක් දක්වා වැඩි කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.