පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් 167 දෙනෙක් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කරයි

2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථනයට සහ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය පිරිස ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ.
ඒ අනුව කතෝලිකයන් 167 දෙනෙකු මෙලෙස වතිකානය විසින් නම් කර ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපණන් පැවසීය.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙහෙයට එක්වෙමිනි.
කාදිනල් හිමියන් විසින් මීට පෙර වතිකානය් ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් සිදු කළ ඉල්ලීමට අනුව මෙම නම් කිරීම සඳහන් කර ඇති බව සඳහන්වේ.