සුඩානයේ විකල්ප රජයක් බිහි වන ලකුණු

 සුඩානයේ විකල්ප රජයක් බිහි වන ලකුණු

සුඩාන රජයේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව වසර දෙකක් තිස්සේ සටන් කරන පැරාමිලිටරි කණ්ඩායමක් වන රැපිඩ් සපෝට් බලකායේ අණදෙන නිලධාරියා 2023 අප්‍රේල් මාසයේදී සුඩානයේ යුද්ධය ආරම්භ වී වසර දෙකකට පසු විකල්ප රජයක් පිහිටුවන බව ප්‍රකාශ කර තිබේ.

ආර්එස්එෆ් රජය බටහිර ඩාර්ෆූර් කලාපය ඇතුළුව රටේ සමහර ප්‍රදේශ පාලනය කරනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එම කණ්ඩායම විසින් මෑතකදී එල්ල කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයින් 400 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

2023 අප්‍රේල් 15 වන දින සුඩානය අවුල් ජාලයකට ඇද වැටුණේ හමුදාව සහ ආර්එස්එෆ් අතර කැකෑරෙමින් තිබූ ආතතීන් රට පුරා විවෘත යුද්ධයක් දක්වා පුපුරා යාමත් සමඟය.

එතැන් සිට මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 24,000 ක් මිය ගොස් ඇත. නමුත් එම සංඛ්‍යාව බොහෝ විට ඊට වඩා වැඩි විය හැකිය.

යුද්ධය හේතුවෙන් අසල්වැසි රටවලට සංක්‍රමණය වූ මිලියන 4 ක් ඇතුළුව මිලියන 13 ක් පමණ ජනතාව තම නිවෙස්වලින් පලවා හැර ඇති අතර රටේ සමහර ප්‍රදේශ සාගතයකට තල්ලු කර ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් අඟහරුවාදා පැවසුවේ ප්‍රහාරය හේතුවෙන් මෑත දිනවල 400,000 ක් පමණ දෙනා සම්සාම් කඳවුරෙන් පලා යාමට සිදු වූ බවයි.

එසේම ආර්එස්එෆ් සහ එහි මිත්‍ර හමුදා එය පාලනය කිරීමෙන් පසු කඳවුරට ප්‍රවේශ විය නොහැකි වී ඇති බවද ඔහු පැවසීය.

සඳුනි තිලකරත්න

Share This