ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකටයි.
නව හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා කාඩ්පත් මිලියන 17ක පමණ අවශ්‍යතාව පවතිනවා.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සුහුරු කාඩ්පත් භාවිත කිරීම ආරම්භ කෙරුණේ 2017 වර්ෂයේදීයි.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත ව්‍යාපෘතිය මඟින් හඳුන්වාදී ඇති නව ක්‍රමවේදය යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ලියාපදිංචි කළ යුතු වනවා.
ඒ සඳහා මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 17ක අවශ්‍යතාව පවතින අතර එය සපුරා ගැනීස සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.