එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක්

එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා හැරි බෲක් පත් කර තිබේ.
ඒ, හිටපු නායක ජෝස් බට්ලර් සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.
නිමාවට පත් වූ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ එංගලන්ත කණ්ඩායම දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් ඔහු මෙම තීරණය ගත්තේය.
හැරි බෲක් වසරකට අධික කාලයක් එංගලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේය.