පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරත් වෙනස් වෙයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කේ.බී මනතුංග මහතා පත්කර තිබෙනවා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මහතා මින් ඉදිරියට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ඇති.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මේ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.