නවසීලන්තයට කඩුලු 08ක විශිෂ්ට ජයක්

පාකිස්ථානය සමඟ පැවැති පස්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 128ක්.
ජයග්‍රහණය සඳහා ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය නවසීන්ත කණ්ඩායම පන්දුවාර 10 තුළ කඩුලු දෙකක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.
ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලිය තරග 04ට එකක් ලෙස ජයගැනීමටයි නවසීලන්ත කණ්ඩායම සමත් වුණේ.