ෂකිබ් අල් හසන්ගේ වත්කම් රාජසන්තක කිරීමට අධිකරණ නියෝගයක්

බංග්ලාදේශ අධිකරණයක් එරට ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ගේ වත්කම් රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.
ෂකීබ් යනු හසීනාගේ පක්ෂය වන අවාමි ලීගයේ හිටපු නීති සම්පාදකයෙකි. පසුගිය වසරේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් නැගිටීමකින් හසීනා බලයෙන් පහ කරන ලදී. එහිදී හසීනාට පක්ෂපාතී වීම හේතුවෙන් ෂකීබ්ට ද චෝදනා එල්ල විය.
මේ හේතුවෙන් ඔහු මහජන කෝපයට ලක් විය. කැරැල්ල අතරතුර විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික පොලිස් මර්දනයක් සම්බන්ධයෙන් මිනීමැරුම් විමර්ශනවලට ෂකීබ්ට ද මුහුණ දීමට සිදු විය. එම චෝදනා සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී නොමැත. නමුත් ඩොලර් 300,000 කට වඩා වැඩි චෙක්පත් ආපසු ගෙවීමේ වංචා චෝදනාව මත ෂකීබ්ට දැනට නඩු පවරා ඇත.
ජනවාරි මාසයේදී අධිකරණය විසින් ෂකීබ් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේය. අනතුරුව සඳුදා ඩකා අගනුවර මහේස්ත්රාත්වරයෙකු ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.
හසීනාගේ රජය බිඳ වැටෙන විට ෂකීබ් කැනඩාවේ පැවති දේශීය විස්සයි20 ක්‍රිකට් තරඟයකට ක්‍රීඩා කරමින් සිටි අතර එතැන් සිට ආපසු බංග්ලාදේශයට ආපසු පැමිණ නැත. මෙම වමත් තුන් ඉරියව් ක්‍රීඩකයා බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග 71ක්, එක්දින තරග 247ක් සහ විස්සයි20 තරග 129ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ඒකාබද්ධ කඩුලු 712ක් දවාගෙන ඇත
සඳුනි තිලකරත්න