අමෙරිකාවේ යුද රහස් එළියට විසිවුණු සමූහ සංවාදය

යේමනයේ හවුති සන්නද්ධ කණ්ඩායමට එල්ල වන ඉදිරි ප්‍රහාර පිළිබඳ පෞද්ගලික සමාජ මාධ්‍ය කතාබහකට ‘ද අත්ලාන්තික්’ සඟරාවේ මාධ්‍යවේදියෙකුව වැරදීමකින් ඇතුළත් කර ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තහවුරු කරයි.
මාර්තු 15 වන දින නැගෙනහිර වේලාවෙන් පස්වරු 2 ට ටික වේලාවකට පෙර ලෝකය දැනගත්තේ එක්සත් ජනපදය යේමනය පුරා හවුති ඉලක්ක වෙත බෝම්බ හෙලන බවයි.
සඳුදා ‘ද අත්ලාන්තික්’ ප්‍රධාන කර්තෘ ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් විසින් ලිපියක් ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී ඔහු ඉහළ මට්ටමේ රජයේ නිලධාරීන් හමුදා ක්‍රියාමාර්ග සාකච්ඡා කරමින් සිටි කණ්ඩායම් කතාබහකට තමාව එකතු කරගත් බව විස්තර කර තිබේ.
“පළමු බෝම්බ පිපිරීමට පැය දෙකකට පෙර ප්‍රහාරය පැමිණෙන බව මම දැන සිටියෙමි. මම මෙය දැන ගැනීමට හේතුව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මට යුද සැලැස්ම කෙටි පණිවිඩයක් හරහා එවා තිබීමයි. සැලැස්මේ ආයුධ පැකේජ, ඉලක්ක සහ වේලාව පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් විය” යනුවෙන් ඔහු පවසා තිබේ.
යුද සැලසුම් සාකච්ඡා කරන කණ්ඩායම් කතාබහකට ඉහළ පරිපාලන නිලධාරීන් අහම්බෙන් වාර්තාකරුවෙකු ඇතුළත් කළ බවට වූ මෙම විශ්මයජනක හෙළිදරව්ව ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සිදුවිය හැකි බවට ධවල මන්දිරය තුළ සාකච්ඡාවක් ඇතිකර තිබේ.
සඳුනි තිලකරත්න