පොලීසියේ ඉහළ පුටු කිහිපයකට ස්ථානමාරු

පොලීසියේ ඉහළ පුටු කිහිපයකට ස්ථානමාරු

ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

මීට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු ඇතුලත්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරේ සිටි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස් මුතුමාල මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස් දෙහිදෙණිය මහතා නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස මාරුකර තිබෙනවා.

 

Share This