රාජකාරි ස්ථානවල දී තරමක් කලකිරීම් ඇතිකරවන ප්‍රශ්න මතු කරයි
අද දවස ඔබට කොහොම ද?
2024.12.03 අඟහරුවාදා
රාහු කාලය
අද – 03.08 සිට 04.38 දක්වා
හෙට – 12.08 සිට 01.38 දක්වා
මේෂ
තරමක් අවිවේකී දිනකි. තම ක්‍රියාකාරකම් ඉටුකර ගැනීමේදී බාධා එල්ල වෙයි. රාජකාරි ස්ථානවල ද තරමක් කලකිරීම් ඇතිකරවන ප්‍රශ්න මතු කරයි. වැය ඉහළයි. සිරසගත රෝග පීඩා මතුකරයි.
ශුභ වර්ණය – රතු/ ජය අංකය – 03
වෘෂභ
ශුභා ශුභ මිශ්රපල දෙයි. ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල ගමන් ද යෙදේ. තරමක් රැවටිලිවලට හසුවන අතර තැන්පත් ධනය ද වැය වීමට ඉඩ තිබේ. එබැවින් ගන්නා තීරණ දුරබලා ගනු මැනවි. මුත්‍රා ආසාදන දෙයි.
ශුභ වර්ණය – කහ/ ජය අංකය – 04
මිථුන
ක්‍රියාකාරකම් බහුල වෙයි. අවිවේකී බව මත අතපසුවීම්වලට හේතුයි. තරමක් අත්‍යවශ්‍ය ලෙස මිල මුදල් වැය කරයි. නවමු ක්‍රියාකාරකම්වලදී ප්‍රවේශම ද මැනවි. අභ්‍යන්තර ඉන්ද්රියයන්හි රෝග මතුවේ.
ශුභ වර්ණය – කොළ/ ජය අංකය – 06
කටක
තරමක් ක්‍රියාශීලියි. වෙහෙසව ක්‍රියාකරයි. අඹු සැමි සුහදතා වර්ධනය වෙයි. ඥාති මිත්‍රාදීන් සමීප වෙයි. තරමක් මිල මුදල් වැය වෙයි. දුර ගමන් යෙදේ. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතුවේ.
ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 05
සිංහ
වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවන දිනකි. තරමක් ආවේගශීලී ගති මතුකරයි. කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපස ද නොහිතන තරමට වැය වෙයි. හදිසි ලාභ ද ලබයි. සන්ධිගත රෝග ද මතුකරයි.
ශුභ වර්ණය – ළා දම්/ ජය අංකය – 01
කන්‍යා
ශුභවාදී පල මතුකරන අතර තම අරමුණු තරමක් දුරට ජය ගනී. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. තම සුපුරුදු ක්‍රියාවන්හි ප්‍රබෝධයෙන් ක්රියාවේ යෙදේ. සෙම් කෝප රෝග ද මතුවේ.
ශුභ වර්ණය – රන්වන්/ ජය අංකය – 02
තුලා
ශුභා ශුභ පල මතුකරයි. ගමන් බිමන් යෙදෙන නමුත් ප්‍රවේශම මැනවි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලට යොමුවෙයි. උදරාබාධ මූලවාත රෝග මතුවේ.
ශුභ වර්ණය – ක්‍රීම්/ ජය අංකය – 07
වෘශ්චික
ශුභා ශුභ පල දෙයි. තරමක් ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් දමනය වෙයි. සමාජ සත්කාරවල යෙදේ. වැයපස ඉහළ යයි. සිරසගත රෝග මතුවේ.
ශුභ වර්ණය – දුඹුරු/ ජය අංකය – 08
ධනු
කලබලකාරී ගති මතුකරයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේකට ද හේතුයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. අමතර ලාභ දෙයි. සිරසගත රෝග මතුකරවන දිනකි. බලාපොරොත්තු රහිතව වැයපස ඉහළ යයි.
ශුභ වර්ණය – ළා දම්/ ජය අංකය – 01
මකර
අවිවේකය මත තරමක් ආවේගශීලීව ක්‍රියා කරයි. සතුරු බලවේග ද මතුවීමට ඉඩ තිබේ. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. වැයපස ද ඉහළ යයි. සෙම් කෝප රෝග මතුකරවයි. තනතුරු ලාභ වරප්‍රසාද ලබන දිනකි.
ශුභ වර්ණය – තද දුඹුරු/ ජය අංකය – 08
කුම්භ
ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. ඥාති මිත්‍රතා සම්බන්ධතා වර්ධනය වෙයි. අසල්වැසියන් සමග සුහදතාව වර්ධනය වෙයි. වාතාධික රෝග කොන්දෙ වේදනා මතුවේ. නව නිපැයුම් ඇරඹීමට හොඳයි.
ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 05
මීන
සාමාන්‍ය ලෙසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් එක්රැස්ව ක්‍රියාකරයි. සුළුවෙන් ප්‍රීති සුවය විඳින දිනකි. වැයපස ද ඉහළ යයි. ප්‍රසාදයට පත්වෙයි. ඉදිමුම් රෝග සන්ධි වාත මතුවේ. දහමට ද ලැදිව ක්‍රියාකරයි.
ශුභ වර්ණය – දම්/ ජය අංකය – 09