විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්ත කරුණාතිලකට
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 36,093ක්.
එම දිස්ත්‍රික්කය නියෝජනය කරන එම සමගි ජනබලවේග මන්ත්‍රීවරයා ගයන්ත කරුණාතිලක මහතා වීමත් විශේෂත්වයක්.
ඔහු 2015-2019 යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක ලෙස ද කටයුතු කළා.
එම කාලයේදී ඔහු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ද හොබවනු ලැබුවා.