දේශබන්දු තෙන්නකෝන්ගේ නඩු විභාගය පස්වරුවේ

2023 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද (19) පස්වරුවේ මාතර මහෙස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ, එම සිද්ධියට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්රාත් අධිකරණයට භාරවීමත් සමඟයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස්පතිවරයා රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
එය විභාගයට නොගෙනම නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා (17) තීන්දු කළේ.
ඒ අනුව ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
කෙසේ වෙතත් ඔහු සොයා පොලිස් කණ්ඩායම් කීපයක් යොදා තිබුණ ද එම ක්රියාවලිය සාර්ථක වූයේ නැහැ.