අඩි 400ක් පමණ පහළ කැලෑවකට වැටී තරුණයකු ජීවිතක්ෂයට

මාතලේ යටවත්ත අහුංගල්ල බිසෝ ඇල්ල අසල සිට අඩි 400 පමණ පහළ කැලෑවකට වැටී තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය තරුණයා කොළඹ පහ දෙමට ගොඩ ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ බිනර පවසර නමැති අවුරුදු 22 අයෙකු බවයි පොලිසිය පවසන්නේ.
මියගිය තරුණ ඇතුළු මිතුරන් කීප දෙනකු සමග අහුන්ගල්ල කන්ද නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය තරුණයාගේ ශරීරය කැලෑ ප්‍රදේශයේ තිබූ බව ගම්වාසින් පැවසීය.
සිද්ධිය සම්බන්ධ මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
චන්දන ලක්මාල්