හෙට වැඩ වර්ජනය සිදු නොවන රෝහල් මෙන්න

හෙට (18) දින සංකේත වර්ජනය ක්‍රියාත්මක වූවත් සියලු රෝහල්වල හදිසි, අත්‍යාවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවාවන් පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, සියලුම ළමා, පිළිකා, මාතෘ හා වකුගඩු රෝහල්හි වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේද සම්පූර්ණ සේවා සැපයෙන බව සඳහන්.
කෙසේ වෙතත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ දේශපාලන වෘත්තීය සමිති යොදවා වර්ජනය කඩාකප්පල් කිරීමට සැලසුමක් පවතින අප වෙත වාර්තාවී ඇති බව ද රවී කුමුදේශ් මහ පෙන්වා දුන්නා.
එවන් උත්සාහයන් ගන්නා රෝහල්වල ඉහත සේවාවන්ගෙන් සැපයීමද අත් හිටුවීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.