ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල සහ අනුරාධපුර, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකියි.
අදාළ නිවේදනය අද (17) රාත්‍රි 11.00 දක්වා බලාත්මක බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.