ශිෂ්‍යත්ව සමත් වූ දරුවන්ට දැනුම්දීමක්

ශිෂ්‍යත්ව සමත් වූ දරුවන්ට දැනුම්දීමක්

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

සිසුන්ට ලැබී ඇති  www.g6application.moe.gov.lk සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකි වනවා.

2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති/වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙසන් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

ඒ සඳහා වන පහසුකම් මාර්ගගත ක්‍රමයට සලසා දී ඇති අතර එම කාල සීමාව පසුවන දැනුම් දෙන බවයි, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Share This