ශ්‍රී ලංකා කාන්තාවන්ට විශිෂ්ට ජයක්

නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 07කින් ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩයම අද (13) සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 101ක්.
එහිදී එමා මැක්ලියෝඩ් ලකුණු 44ක් සහ සුසී බැට්ස් ලකුණු 21ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී මලකී මදාරා කඩුලු තුනක් දවාගැනීමටයි සමත් වුණේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 102ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14.1ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.
එහිදී චමරි අතපත්තු ලකුණු 64ක් ලබාගත්තා.
ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ.