විදේශ මත්පැන් බෝතල් 42ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ මත්පැන් බෝතල් 42ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රටක සිට ගුවනින් මෙරට පැමිණි පුද්ගලයකු නීති විරෝධී විදේශ මත්පැන් බෝතල් 42 හා එනසාල් කිලෝ 25ක් ඊයේ (13) දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා අවුරුදු 29 ක් වන අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

කටුනායක ගුවන්තොටුපළට පැමිණීමේ පර්යන්තයේ දී ගුවන්තොටුපොළ පොලිසිය නිලධාරීන් ලැබුණු තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන ගුවන්තොටුපොළ පොලිසිය මගින් සිදු කරමින් පවතී.

චන්දන ලක්මාල්

Share This