මෙරට ක්‍රීඩාව සහ තරුණ කටයුතු සංවර්ධනයට චීන රජයේ සහය

මෙරට ක්‍රීඩාව සහ තරුණ කටයුතු සංවර්ධනයට චීන රජයේ සහය

චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්විණි.

වත්මන් රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය වරයාට සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතුම් එක්කල චීන තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙම හමුවේ දී වැඩි දුරටත් සාකච්ඡා විය.

තවදුරටත් අදහස් දක්වමින් චීන තානාපති චී ජෙංහොංග් පැවසුවේ, ඉදිරියේ දී මෙරට Tai Chi සහ Dragon Boat racing යන ක්‍රීඩා ස්ථාපිත කිරීම සහ සංවර්ධනය කිරීමට වෙනුවෙන් ද තම රජයේ සහයෝගය ලබා දෙන බව‍යි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ද සහභාගී විය.

Share This