ප්‍රධාන ජලාශ 42ක් වාන් දමයි

පවතින අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 42ක් අද (12) වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව දෙපාර්තමේන්තුව පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 07ක්, අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ජලාශ 06ක් බදුල්ල දිස්ත්‍රික්කයේ 05ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 03ක් සහ ත්‍රිකුණාමලය ජලාශ 03ක් වාන් දොරටු විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව සටහන් කළේය.