රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරයි

2025. 03. 10 වනදා රාත්‍රියේ දී අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරත වන අතරතුර වෛද්‍යවරියකට මුහුණ පෑමට සිදු වූ අමානුෂික සිදුවීමට විරෝධතාවය පළකරමින් 12. 03. 2025 වන බදාදා දින, උදෑසන 08 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් තීරණය කරන ලදී.

ඒ අනුව අදාළ වැඩ වර්ජනය හෙට දින එනම් 12. 03. 2025 බදාදා දින උදෑසන 08ට ආරම්භ කර පසුදින, එනම් මාර්තු 13වන බ්‍රහස්පතින්දා උදෑසන 08 දක්වා අඛණ්ඩව රට පුරා සියලුම රෝහල්වල ක්‍රියාත්මක වනු ඇත.

එහිදී හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.

එමෙන්ම මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්ව‍ල ක්‍රියාත්මක නොවනු ඇත.

Share This