අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ඊයේ (10) මුහුණපෑමට සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ ආරම්භ කර කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක්ම යොදවා ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණූ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බව සඳහන්.
සිද්ධිය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවනු ඇති බව අමාත්‍යංශය අපේක්ෂා කෙරෙනවා.
එතෙක් සන්සුන්ව කටයුතු කරන ලෙසත්, අදාළ පරීක්ෂණ සිදු කරන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදු කරන බව සඳහන්.
අදාළ සිද්ධිය වාර්තා කිරීමේදී විශේෂයෙන්ම වින්දිත වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළිදරව් කරමින් එම වෛද්‍යවරියත් ඇගේ පවුලේ සමාජිකයනුත් අපහසුතාවයකට පත් වන අකාරයට කටයුතු නොකරන ලෙසයි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලුම මාධ්‍යවේදීන්ගෙන් හා මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා ඇත්තේ.