මිලිමීටර් 75ට වැඩි තද වැසි

මිලිමීටර් 75ට වැඩි තද වැසි

බස්නාහිර සබරගමුවවයඹ උතුර නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර මාතලේ නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (11) ඇතැම් ස්ථානවල මි.මි 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිතා වැසී ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This