පළාත් පාලන මැතිවරණයට එන පුටුව සලකුණ

පළාත් පාලන මැතිවරණයට එන පුටුව සලකුණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්වී පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් තරග කිරීමට නියමිතව ඇත්තේ, පුටුව සලකුණින්. ඒ සඳහා තවත් සුළු පක්ෂ රැසක් සමඟ සාකච්ඡා සිදු කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධ පොදු සන්ධානයක් ලෙස ඉදිරියට යාම එහි ප්‍රධාන අරමුණ වනවා.

පසුගිය කාලයේදී නගරාධිපති ධුර සහ උප නගාරාධිපති ධුර දැරූ පුද්ගලයන් මෙන්ම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ උපසභාපතිවරුන්ට මෙම සන්ධානය සඳහා ආරාධනා කර ඇති බව සඳහන්.

කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ද පුටුව සලකුණෙන් තරග කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම කොළඹ මහනගර සභාව සඳහා ද වැඩි ජනප්‍රසාදයක් ඇති අපේක්ෂකයෙක් නාමයෝජනා ලබාදීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ පළාත් පාලන ආයතන සාමාජිකයන් ද මෙවර මේ සඳහා එක් කරගැනීමට තීරණය කර තිබෙනවා.

Share This