දකුණු අප්‍රිකාවට ලකුණු 363ක ඉලක්කයක්

2025, අයි.සී.සී ශුරයින්ගේ තරාගවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයගැනීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 363ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 362ක්.
එහිදී රචින් රවීන්ද්‍ර ලකුණු 108ක් සහ කේන් විලියම්සන් ලකුණු 102ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී ලුන්ගි එන්ගිඩි කඩුලු 03ක් දවා ගැනීමටයි සමත් වුණේ.
තරගය පැවැත්වෙන්නේ, ලාහෝර්හිදීයි.