ත්‍රිකුණාමලය ඉහළ ටැංකි 24ක් සංවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලැසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළුව ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කරනු ඇති.
එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධනය අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුදීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතීන් මේ වන විට ලබා ගෙන ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යාන්ත සමාගම විසින් චීන වරයායේ තෙල් ටැංකි අංගනයෙහි හිමිකාරීත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා වන ගිවිසුමකට 2022 වසරේ ජනවාරි හයවැනිදා අත්සන් කර ඇති බව සඳහන්.
එහි විධිවිධාන පරිදි ත්‍රිකුණාමල ඉහළ ටැංකි අංගනයේ ඇති ටැංකි 24 ගිවිසුම ආරම්භ වන දිනයේ සිට වසර 50ක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත බදු පදනම ලැබී තිබෙනවා.