ජාතික වනජීවි සංගණනයක්

ජාතික වනජීවි සංගණනයක්

බෝගවලට හානි සිදුකරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ, කෘෂිකාර්මික තිරසාරභාවය, ජෛව විවිධත්ව සංරක්ෂණය සමඟ සමතුලිත කරන විද්‍යාත්මක ප්‍රවේශයක් සහිතව වනජිවීන් සිදුකරන හානී අවම කිරීමේ උපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහායි.

බෝග හානි සඳහා වගකිව යුතු ප්‍රධාන වනසතුන් ලෙස අලි ඇතුන්, වල් ඌරන්, වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් හඳුනාගෙන ඇති බව සඳහන්.

බෝග හානියට අමතරව, වනජීවී-මිනිස් ගැටුම් හා පුළුල් දේපළ විනාශයකට තුඩු දී ඇති අතර බලපෑමට ලක් වූ ප්‍රජාවන් මත සමාජ-ආර්ථික ගැටළු තවදුරටත් උග්‍ර වී ඇති බවයි, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සංගණනය මඟින් බෝග වගාව සඳහා හානි පමුණුවන වනජීවීන්ගේ ප්‍රමාණය තක්සේරු කිරීම ප්‍රධාන අරමුණු වන අතර වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් සංඛ්‍යාව ගණන් ගැනීම අපේක්ෂා කෙරෙනවා.

Share This