ඉන්ධන ඇනවුම් කිරීමෙන් තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වෙයි

ඉන්ධන ඇනවුම් කිරීමෙන් තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වෙයි

අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි එම සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

ඒ අනුව ඔවුන් මේ වන විට පවතින සංචිත බෙදා හැරීම පමණක් සිදුකරන අතර අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකරනු ඇති.

ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට බනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් ඛණිජ තෙල් ඇනවුම් කිරීමෙන් ඉවත් වීමට තීරණය කළ බව බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියා.

Share This