ආණ්ඩුව බිඳ වට්ටන එක සිහිනයක් බව ජනපති කියයි

කිසිදු හේතුවක් මත මෙම ආණ්ඩුව පෙරළීමට නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.
“මාර්තු මාසය වෙද්දී විශාල ආර්ථික අර්බුදයක් මතු වෙනවා. අර්බුද හේතුකොටගෙන ආණ්ඩුව ලබා ගන්න පුළුවන් කියලා බොහෝ අය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා.
අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපේ තෙවන සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරනවා. සුබ පණිවුඩයක් ඒවි. ඒ නිසා ආර්ථික ඉතා ශක්තිමත් දිශාවට ගමන් කරමි තිබෙනවා. ආර්ථික අර්බුදය හරහා බලය ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක සිහිනයක් පමණයි.
පක්ෂ ඇතුළේ අර්බුදයක් නිර්මාණය කරලා, ආණ්ඩු පෙරළන්න පුළුවන්. මේ ආණ්ඩුව අභ්‍යන්තර ප්‍රතිවිරෝධ නිර්මාණය නොවන ආණ්ඩුවක්. සමහර අය මාව ඔසවා තබා අනිත් අය පහත් කරන්න. අපි ඒවාට අහුවෙන්නේ නෑ. අපි උගුල්වලට අහුවෙන්නේ නෑ.
ජාතික ආරක්ෂාවේ කඩාවැටීමක් පෙන්වලා, ආණ්ඩුව වට්ටන්න හදනවා නම් ඒ්වා වෙන්නේ නෑ. අලුත් තුරුම්පු කොළ ටිකක් හොයන්න රිසර්ච් කරලා. මහජන විරෝධයක් හරහා ආණ්ඩුව පළවා හරින්න උත්සහා කරනවා නම් ඒකත් අසාර්ථකයි.”