මාස දෙකක් තුළ සහල් වැටලීම් 14000ක්

(නිශාන්ත කුමාර බණ්ඩාර)
ජනවාරි මාසය ආරම්භයේ සිට මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 1400ක් සිදුකර ඇතැයි පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.
ඒ අතර සහල් වැඩි මිලට අලෙවි කළ වැටලීම් 400ක් වන බව එම අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 260කි.
එම උපරිම මිලට වඩා සහල් අලෙවි කරන සැපයුම්කරුවන් වැඩිපුර මුදල් ඉල්ලීමක් කළ හෝ ඊට වැඩියෙන් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳ අධිකාරියේ ක්ෂණික දුරකථන අංක 1977ට දැනුම් දෙන ලෙස අධිකාරිය ජනතාවට දන්වා සිටියි.
සහල් වැඩි මිලට අලෙවිකරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරෙහිව නඩු පැවරීමේදී ඔහු වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5ක් දක්වා දඩ මුදලක් හෝ මාස 5ක සිරදඬුවමක් නියම කෙරේ.
එම දඩ මුදල හෝ සිරදඬුවම යන දෙකම නියම කිරීමට අධිකාරියට බලය තිබේ.
පෞද්ගලික සමාගමක් වරදකරු වූවොත් දඩය ලක්ෂ 5 සිට 50 දක්වා දඩයක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් පවතියි.
දෙවන වරටත් එවැනි වරදකට හසුවූ වෙළෙඳසැලකට එම දඩ මුදල දෙගුණයක් හෝ වසරක සිර දඬුවමක් ලබාදීමට පාරිභෝගික අධිකාරි පනත යටතේ අධිකරණයට හැකිවෙයි.
කීරි සම්බා සහල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සහල් සම්බන්ධ වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.