නව පත්කිරීම් දෙකකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව පත්කිරීම් දෙකකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස වයි.කේ.ගුණසේකර මහත්මියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇති බව සඳහන්.

තව ද බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එස්.එස්. දිසානායක මහත්මියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.

Share This