ගණේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීවගේ මරණය වෙඩි තැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවී ඇති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කළා.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළ බව සඳහන්.
එමෙන්ම මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද කොළඹ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළා.