ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ප්‍රවීණයන්ගේ තරගය අද

2025, ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) BCA ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුමාර සංගක්කාර හට හිමිව ඇති අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, ෂේන් වොට්සන් විසින්.
තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියානු කණ්ඩායම ප්‍රථම ස්ථානයේ පසුවන අතර දෙවන ස්ථානයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පසුවනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ, එහි තෙවන ස්ථානයයි.