ප්‍රවීණ රංගන ශිල්පි වසන්ත විට්ටච්චිගේ අවසන් කටයුතු මාර්තු පළමුවැනිදා

ප්‍රවීණ රංගන ශිල්පි වසන්ත විට්ටච්චිගේ අවසන් කටයුතු මාර්තු පළමුවැනිදා

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පි වසන්ත විට්ටච්චිගේ අවසන් කටයුතු මාර්තු මස 01 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, බොරැල්ල සුසාන භූමියේදීයි.

ඊයේ (26) දින රෝහලේදී අභාවප්‍රාප්ත වූ වසන්ත විට්ටච්චිගේ දේහය අද (27) පස්වරුවේ කඳාන පොල්පිති මූකලාන පිහිටි ඔහුගේ නිවසට රැගෙන එන බව සඳහන්.

ඒ අනුව ලබන පළමුවැනිදා පෙරවරු දක්වා දේහය එම නිවසේ තැන්පත් කර තබනු ඇති.

අනතුරුව දේහය උදෑසන 8 සිට සවස 3.30 දක්වා මහජන ගෞරවය පිණිස එතුමන්ගේ දේහය බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

Share This