එංගලන්තය ශූරයින්ගේ කුසලානයෙන් ඉවතට

එංගලන්තය ශූරයින්ගේ කුසලානයෙන් ඉවතට

2025, ශූරයන්ගේ කුසලාන තරගාවලියේ එංගලන්තය සමඟ පැවැති තරගය ලකුණු 08කින් ජයගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 325ක්.

එහිදී ඊබ්‍රාහිම් සර්දාන් ලකුණු 177ක් රැස්කරගත්තා. එය ශූරයින්ගේ කුසලානය තචරගාවලියේ ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවවීමත් විශේෂත්වයක්.

පන්දුයැවීමේදී ජොෆා ආචර් කඩුලු 03ක් දවාගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 326ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 49.5ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි ලකුණු 317ක් පමණයි.

එහිදී ජෝ රූට් ලකුණු 120ක්  ලබාගත්තා.

පන්දුයැවීමේදී අසමර්තුල්ලා ඔමර්සායි කඩුලු 05ක් දවාගැනීමටයි සමත් වුණේ.

මෙම පරාජයත් සමඟ එංගලන්ත කණ්ඩායමට ශූරයින්ගේ කුසලානයෙන් ඉවත්වීමත් විශේෂත්වයක්.

 

Share This